පානිය ජලය ගැන විශේෂ දැනුම්දීමක්

Report

මහනුවර, පුත්තලම, කුරුණෑගල, දිස්ත්‍රික්කයන් හී මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජල සම්පාදන ක්‍රම උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක නොවන බැවින් ඉතා අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ දිවයින පුරා පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා ක්‍රියාත්මක ජල සම්පාදන ක්‍රම රැසක ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වී ඇති බවය.

නිවාස පිරිසිදුකිරීම් සඳහා රුපියල් 10,000ක සහනය රු. 25,000 දක්වා ඉහළට

නිවාස පිරිසිදුකිරීම් සඳහා රුපියල් 10,000ක සහනය රු. 25,000 දක්වා ඉහළට

ජල සම්පාදන මණ්ඩලය විසින් දිවයින පුරා ජල යෝජනා ක්‍රම 343ක් ක්‍රියාත්මක කරන අතර එයින් ජල යෝජනා ක්‍රම 156කට බාධා එල්ල වී ඇතැයිද පෙන්වා දෙන එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් මණ්ඩලය විසින් ලබා දෙන ජලය භාවිත කරන පාරිභෝගිකයින් විශාල පිරිසක් අපහසුතාවටද පත්ව ඇති බවය.

කෙසේ නමුත් බලපෑමට ලක්වූ ජල සම්පාදන ක්‍රමවලින් 126ක් අද (02) දින උදෑසන වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර තවත් ජල සම්පාදන ක්‍රම 30ක් ක්‍රියාත්මක තත්ත්වයට පත් කර ගැනීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් කටයුතු කරන බවත් මේ සඳහා එම මණ්ඩලයේ විශ්‍රාමික සේවකයින්ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව ඇති බවත් එම මණ්ඩලය සඳහන් කර ඇත.

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

තවද නායයෑම නිසා මාර්ග අවහිරවීම්, ජල නළවලට හානි සිදුවීම, විදුලි සැපයුම අඩපණ වීම, ජලය ලබා ගන්නා ස්ථාන ගංවතුරින් යටවී තිබීම, විදුලි හා යාන්ත්‍රික උපකරණවලට අලාභ හානි සිදුවීම හේතුවෙන් ජල සම්පාදන ක්‍රම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා දින කිහිපයක් ගතවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

කෙසේ නමුත් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ජල සම්පාදන ක්‍රම සියල්ල මේ වන විට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.   

සුළි කුණාටුවක් කාළගුණයෙන් දැනුම් දුන්නේ නැහැ.. වාන් ඇරිය යුත්තේ අපි නෙමෙයි වාරිමාර්ගෙන් - මහින්ද

සුළි කුණාටුවක් කාළගුණයෙන් දැනුම් දුන්නේ නැහැ.. වාන් ඇරිය යුත්තේ අපි නෙමෙයි වාරිමාර්ගෙන් - මහින්ද