ආපදා තත්ත්වයෙන් පීඩිත ප්‍රදේශවල විදුලි බිල් නොගෙවූවන්ගේ විදුලිය කපන්නේ නැහැ

Report

ආපදා තත්ත්වයට ලක්වූ ප්‍රදේශවල විදුලි බිල් ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම විච්ඡේද නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අද (02) ප්‍රකාශ කළේය.

“මේ ප්‍රදේශවලට ගොස් මීටර් කියවීමේ හැකියාවක් පවා මේ වන විට නැහැ. එබැවින් නොගෙවූ බිල්පත් ඉදිරි මාසවල බිල්පත් සමඟ එකතු කර ගෙන යෑමට කටයුතු කරනවා. විදුලිය විසන්ධි කිරීමට කිසිදු උත්සාහයක් ගන්නේ නැහැ”

යයි එම නිලධාරියා සඳපන් කළේය.

ආපදා තත්ත්වය හේතුකොටගෙන බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම තවමත් අඩාල වී ඇති බවත්, ඒවා ඉක්මනින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ කණ්ඩායම් දැනටත් ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පානිය ජලය ගැන විශේෂ දැනුම්දීමක්

පානිය ජලය ගැන විශේෂ දැනුම්දීමක්

නිවාස පිරිසිදුකිරීම් සඳහා රුපියල් 10,000ක සහනය රු. 25,000 දක්වා ඉහළට

නිවාස පිරිසිදුකිරීම් සඳහා රුපියල් 10,000ක සහනය රු. 25,000 දක්වා ඉහළට