උතුරු නැගෙනහිර හර්තාලය සාර්ථකද? මෙන්න අවසන් ප්‍රතිපලේ

Major Hartal In Sri Lanka Eastern Province Northern Province of Sri Lanka Latest Headlines Sinhala news
By Ashfa Aug 18, 2025 07:00 AM GMT
Ashfa

Ashfa

Report

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් එක්ව උතුරු නැගෙනහිර පළාත්වල සිදුකල හර්තාලය අසාර්ථක බව වාර්තා වේ.

මෙම හර්තාලයට මූලික හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේදී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉල්ලමින් බව ඔවුන් පවසයි.

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

කෙසේ වෙතත් හර්තාලය ක්‍රියාත්මක වූ කාලසීමාවේදී උතුරු පළාතේ රාජ්‍ය ආයතනවල කටයුතු හා පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වී ඇත.

එමෙන්ම හර්තාලය සමග වෙළඳ සංගම් කිහිපයක් සහයෝගය පළ නමුත් වෙළඳ සංගම් රැසක් හර්තාලය වෙනුවෙන් සහයෝගය පළ නොකරන බවට ද ප්‍රකාශ නිකුත් කර තිබෙන බවද වාර්තා වේ.

නමුත් මඩකලපුව දිස්ත්‍රික්කයේ යම් යම් ප්‍රදේශවල අද (18) ව්‍යාපාරික ස්ථාන, පොදු වෙළෙඳපොළවල් සහ පෞද්ගලික ආයතන සහ තවත් ස්ථාන වසා දමා ඇති තත්ත්වයක්ද වාර්තා වේ.

අගමැතිගේ රථය හැප්පූ සිසුවා අත්අඩංගුවට

අගමැතිගේ රථය හැප්පූ සිසුවා අත්අඩංගුවට

මෙලෙස ඇතැම් කඩසාප්පු හා ආයතන වසා දැමුවද එය සාමාන්‍ය ජන ජීවිතයට යම් යම් බලපෑමක් එල්ල කලත් සමස්ත වාහන ගමනාගමනය ඇතුළු ක්‍රියාකාරකම් සාමාන්‍ය දිනයක ආකාරයට ක්‍රියාත්මක වූ බව වාර්තා වේ.

නැගෙනහිර පළාතේ මුස්ලිම් ප්‍රදේශවල කඩසාප්පු සුපුරුදු ලෙස විවෘතව පැවතී ඇති අතර, මඩකලපුව, චෙංගලඩි, ආරයියම්පති, වාලච්චේනයි, කොක්කට්ටිචෝලෙයි ඇතුළු දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශවල සියලුම කඩසාප්පු වසා දමා ඇති ත්ත්ත්වයක්ද වාර්තා වේ.

එමෙන්ම හර්තාල් ක්‍රියාත්මක වන නගරවල හමුදාව සහ පොලීසිය ආරක්ෂාව සදහා යොදවා ඇති බවත් වාර්තා වේ.