අගමැතිගේ රථය හැප්පූ සිසුවා අත්අඩංගුවට
අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ පෙරගමන් රාජකාරියේ යෙදී සිටි අගමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත යතුරුපැදියක් අනතුරට ලක් කළ බවට සැකපිට ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවකු ඇහැළියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් 15 වැනිදා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය රත්නපුර දක්වා පැමිණ තිබූ අතර, එම ගමනේදී ආරක්ෂක කටයුතු සඳහා යතුරුපැදි රථයක් පෙරගමන් රථයක් ලෙස යොදා ගෙන තිබුණි.
එම යතුරුපැදි රථය ඇහැළියගොඩ මෝරගල ප්‍රදේශයේදී ඉදිරියෙන් ගමන් කළ තවත් යතුරුපැදියක ගැටී අනතුරට ලක්ව ඇත. වලංගු රියැදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම හා ලියාපදිංචියකින් තොරව වාහන පැදවීම යන චෝදනා මත සැකකාර සිසුවාට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පොලිසිය පැවැසීය.