ප්‍රමිතියෙන් තොර කිරිපිටි තොගයක් දිවයින පුරා බෙදා හැරලා

By Sewvandhi Sep 07, 2021 12:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අයිස්ක්‍රිම් නිෂ්පාදනය සදහා ඇතැම් අයිස්ක්‍රිම් නිෂ්පාදන සමාගම් විසින් භාවිතා කරනු ලබන ප්‍රමිතියෙන් තොර කිරිපිටි මේ දිනවල වතුකරයේ ප්‍රධාන නගරවල ඇතැම් ව්‍යාපාරිකයන් විසින් අධික මිලට අලෙවි කරන බවට පාරිභෝගිකයන් පවසයි.

වෙලදපොලේ දැනට පවතින කිරිපිටි හිගයත් සමග අයිස්ක්‍රිම් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන ප්‍රමිතියෙන් තොර එම කිරිපිටි ග්‍රැම් සහ කිලෝ ප්‍රමාණයට කිසිදු නිෂ්පාදිත ආයතනයක නමක් සහ නිෂ්පාදිත හෝ කල් ඉකුත්විමේ දිනක් නොමැතිව පොලිතින් පැකට් වල අසුරා අලෙවි කරන බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

මෙම කිරිපිටි සම්බන්ධයෙන් අප මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් කල විමසුමකට ඔහුන් කියා සිටියේ ලේබල් රෙගුලාසි උල්ලංඝනය කරමින් ව්‍යාපාරිකයන්ට කිරිපිටි අලෙවි කල නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් තම කාර්යාල වෙත පැමිණිලි කරන ලෙසද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

------------------------------------------------

හදිසි නීතිය පිළිබඳ විපක්ෂ නායකවරයා සිදුකළ භයානක හෙලිදරව්ව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now