අවුරුද්දෙත් වතුර කපයිද?

Report

අප්‍රේල් 11, 12, 13, 14 යන දිනවල කිසිම ජල කප්පාදුවක් සිදු නොකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඉන්ජිනේරු චන්දන බණ්ඩාර මහතා සදහන් කර තිබේ.

  ඒ අනුව ඔහු සඳහන් කළේ එම දිනයන්වල සාමාන්‍ය ලෙස ජල සැපයීම සිදු කරන බවත් කොළඹ දිස්ත්‍රික්කයට ජලය සපයන ලබුගම හා කලටුවාව ජලාශවලින් දිනකට ලබා ගන්නා මීටර් කියුබ් 1,500,000 පිරිපහදු කර බෙදා හරින බවයි.

  තව දුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්

“15 වන දා මේ පිළිබඳව සමාලෝචනය කරලා ඉන් අනතුරුව මොකද කරන්නේ කියලා තීරණයකට එනවා. ඒත් අපේක්ෂා කරන වර්ෂාපතනය ලැබුණොත් ජල කප්පාදුවකට යන්න වෙන්නෙ නැහැ. වැස්ස නැත්තන් 15 සිට පවතින ජල කප්පාදු කිරීමේ සැලැස්ම දිගටම ක්‍රියාත්මක කරනවා.”