ආයේ කවදාවත් යුද්ධ නෑ එහෙම රටක් අපි හදනවා- ජනපති

Report

 රටේ දරුවන්ගේ පරපුරට කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අද (19) තලවකැලේ ප්‍රදේශයේ ජනරැළියක් අමතමින් මේ පොළොවට කෙදිනක හෝ පොහොර වන අපි රටට ආවේ කොහෙන්ද කියා සිතීම ඉතිහාසයට අයත් කරුණක් පමණක් බවත් ඉදිරියේ දී සියලු දෙනාගේ අයිතීන් සමව සලකන රටක් ගොඩනඟන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

හැදුනොත් මිය යන දරුණු වසංගතයක් ආයෙත්?

හැදුනොත් මිය යන දරුණු වසංගතයක් ආයෙත්?

”මෙතැනින් පසු මේ වගේ ආණ්ඩු හැර වෙන ආණ්ඩු ආපහු හැදෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ආණ්ඩු හදන්න ඕන නම් අපි කරන දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනවා.

අපි ආණ්ඩුව ගොඩනැගුවේ උතුරු නැගෙනහිර, කඳුරට, දකුණ සියලු ජනතාවගේ සහභාගීත්වයෙන්. අප අදහස් ප්‍රකාශ කරන අයිතියට ගරු කරනවා. නමුත් කිසි දිනක යළි ජාතිවාදයට ඉඩක් දෙන්නේ නැහැ. තිබෙන නීති මදි නම් ජාතිවාදය පරදන්න අපි අලුත් නීති හදනවා” යැයි ජනාධිපතිවරයා කියා සිටියා.

කරුණා සහ පිල්ලයාන් සුවර් නැහැ... දෙන්නම අපරාධකරුවන් (VIDEO)

කරුණා සහ පිල්ලයාන් සුවර් නැහැ... දෙන්නම අපරාධකරුවන් (VIDEO)