ගොවියන්ගෙන් රජයට දැවැන්ත තර්ජනයක් -මිල වැඩි නොකළොත් ලබන කන්නයේ ඉඳන් වගාවෙන් අයින් වෙනවා

Report

රජරට කලාපයේ ගොවි සංවිධාන ඊයේ අනතුරු ඇඟවූයේ වී සඳහා සහතික මිල ඉහළ නොදැමුවහොත් ඉදිරි මහ කන්නයේ සිට වී වගාවෙන් ඉවත් වීමට සිදුවන බවයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ නාඩු වී කිලෝවක් සඳහා සහතික මිල රුපියල් 140ත් 150ත් අතර මට්ටමකට ඉහළ නංවන ලෙසත්, තෙත් වී කිලෝවක් සඳහා රුපියල් 118ක මිලක් ලබා දෙන ලෙසත්ය.

අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන සන්ධානයේ සභාපති පුංචිරාල රත්නායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ මෙම තීරණය ප්‍රදේශීය ගොවි සංවිධාන එක්ව ගත් එකඟතාවක් බවයි.

NDB බැංකුවේ බිලියන 13ක දැවැන්ත වංචාව- IMF එකෙන් මහ බැංකුවට ආපු හදිසි නියෝගය මෙන්න

NDB බැංකුවේ බිලියන 13ක දැවැන්ත වංචාව- IMF එකෙන් මහ බැංකුවට ආපු හදිසි නියෝගය මෙන්න

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් තමන්ගේ විරෝධතා ව්‍යාපාරය රජරටට සීමා නොවී අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කරන බවයි.

පදවිය, වාහල්කඩ, හුරුළුවැව, මහකනදරාව, විලච්චිය, රාජාංගනය, නාච්චාදූව, නුවරවැව, තිසාවැව, මරදන්කඩවල සහ හබරණ යන ප්‍රදේශ නියෝජනය කරන ගොවි සංවිධාන නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.