වෙන ප්‍රශ්නයක් මෙතෙන නෑ, ආරුගම්බේ ඉන්න අයට ආරක්ෂාව දෙන්නේ වගකීම නිසා කැබිනෙට්ටුව හෙල්ලුනත් නලින්දගෙන් උත්තර

Sri Lanka Cabinet Israel Arugam Bay Nalinda Jayatissa Sinhala news
By Kaushi Aug 05, 2025 09:25 AM GMT
Kaushi

Kaushi

Report

ඊශ්‍රායල ජාතිකයින්ට ෆී විසා ලබාදීම පිටුපස විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පුටුවල සිටින පුද්ගලයින්ගෙන් රජයට බලපෑම් එල්ල වූ බවට පළ වූ පුවත පිළිබඳව අද (05) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කර සිටියා.

ඒ අනුව ඔහු පැවසුවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැදිහත් වීමෙන් අදාළ රටවල් ලැයිස්තුව සකස් කරනු ලැබුවේ, සංචාරක පැමිණීම සහ ඔවුන් මෙරටට ගෙන එනු ලබන ඩොලර් ආදායම අනුව බවයි.

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

"කිසිම රටක් ගැන වෙන කෝණයකින් බලලා නෑ. ඔබ දැක්කොත් මේ අතර විවිධ රටවල් තියෙනවා. මේ රටවල් තෝරාගැනීමේ පදනම වුණේ අපිට ලැබෙන ඩොලර් ආදායමත් එන සංචාරකයින් ප්‍රමාණයත්. බොහොම පැහැදිලියි ඒ ලැයිස්තුවේ රටවල් සම්බන්ධයෙන්."

එසේම ඊශ්‍රායලයෙන් පැමිණෙන ගුවන්යානාවලට ආරක්ෂාව සැපයීමට හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කාලවකවාණුවේ දී තීරණ ගෙන ඇති බවත් ඉකුත් වසරේ මැයි මාසයෙන් පසුව ඊශ්‍රායල ගුවන්යානා ශ්‍රී ලංකාවට නොපැමිණි බවත් පැවසූ අමාත්‍යවරයා, ඇතැම් විට මේ වසරේ අග දී නැවත ඊශ්‍රායල ගුවන්යානා මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ පිළිබඳවද සාකච්ඡා සිදුකරමින් පවතින බවත් සඳහන් කර ඇත.

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

එමෙන්ම මෙහිදී ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ආරක්ෂාව ලබාදෙන්නේ හුදෙක් ඔවුන් සංචාරකයින් වීම හේතුවෙන් පමණක් බව කියූ අමාත්‍යවරයා ඒ සඳහා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බව ද පවසා ඇත.

"ඒ අය එකතු වෙන තැන් තියෙනවා නම් පොදු සංචාරකයින් ලෙස සලකා ඒ ආරක්ෂාව ලබාදෙන එක පමණයි රජය සිදුකරන්නේ. එය විශේෂ ආරක්ෂාවක් නෙමෙයි ඕනෑම තැනක එකතු වෙනවා නම් සංචාරකයා තනි තනිව සිටියත් කණ්ඩායම් වශයෙන් සිටියත් ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු නිසා. වෙන ප්‍රශ්නයක් මෙතෙන නෑ. ඊශ්‍රායලය ඇතුළු රටවලින් දැන් සංචාරකයින් එන එක වැඩිවෙලා තියෙනවා. ඒ අයගේ රට කියන එක නොසලකා ලංකාවට පැමිණෙන සියලු විදේශිකයින්ගේ ආරක්ෂාව ලබාදීම අපි ප්‍රමුඛ කරගෙන තියෙනවා."

පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

උපත් පාලන ලූපය ඉවත් කරගන්න පැමිණි මව වෛද්‍යවරයා විසින් දූෂණය කරයි

උපත් පාලන ලූපය ඉවත් කරගන්න පැමිණි මව වෛද්‍යවරයා විසින් දූෂණය කරයි

ReeCha