නුවරඑළියට රාත්‍රී ගමන් එපා - දිස්ත්‍රික් ලේකම්ගෙන් රියදුරන්ට ඉල්ලීමක්

Report

නුවරඑළිය දිස්ත්‍රික්කයට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රී කාලයේ රථවාහන ධාවනය නොකරන ලෙස දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

ඇය අද (12) පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ, ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශයෙන් යළිත් පස් කන්දක් කඩාවැටීම නිසා මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බවයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තවදුරටත් මාර්ගවලට පස්කදු කඩාවැටීමේ අවදානමක් පවතින බැවින්, රාත්‍රී කාලයේ ගමන් බිමන් සම්පූර්ණයෙන් වළක්වා ගන්නා ලෙස ඇය ඉල්ලා සිටියාය.

නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝයි - අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකෙන්නැයි දැනුම්දෙයි

නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝයි - අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකෙන්නැයි දැනුම්දෙයි

"මේ මොහොතේ ජීවිත ආරක්ෂා කිරීම ප්‍රමුඛතාවය. රාත්‍රී කාලයේ දුෂ්කරතා වැඩි නිසා පස්කදු හෝ වෙනත් ආපදාවන්ට ගොදුරු වීමේ අවදානම වැඩියි. එබැවින් රියදුරන්ගෙන් කාරුණිකව ඉල්ලන්නේ දවල් කාලයේ පමණක් ගමන් කරන්න කියලා"

යනුවෙන් දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

එසේම 'දිට්වා' සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලුම ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ අනෙකුත් පහසුකම් සම්පූර්ණයෙන්ම සලසා ඇති බවත් ඇය අවධාරණය කළාය. ආපදාවට පත් සහ නොපත් ඇතැම් පිරිස් රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බැවින් ජනතාව ඒවාට රැවටෙන්න එපා යැයි ද ඇය ඉල්ලා සිටියාය.

මේ අතර නුවරඑළිය පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධව මාර්ග පරීක්ෂාවන් සිදුකරමින් සිටින අතර, ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කාලගුණ අනාවැකි සැලකිල්ලට ගෙන පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසයි.

දිට්වා නිසා ජනතාවට වඩා විපක්ෂය අසරණ වෙලා - විපක්ෂයට බිමල් දාපු කින්ඩිය

දිට්වා නිසා ජනතාවට වඩා විපක්ෂය අසරණ වෙලා - විපක්ෂයට බිමල් දාපු කින්ඩිය