ආයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බඩ ගාන්න ඕනේ නෑ ඉඩමේ සිතියම ගෙදරටම එවනවලු
Sri Lanka
Latest Headlines
Sinhala news
gagana news
Breaking News
By Kaushi
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය සඳහා අගෝස්තු 01 සිට ඔන්ලයින් ඔස්සේ ගෙවීම් සිදුකර ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බව මැනුම්පති වයි. ජී ඥාණතිලක මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ඒ අනුව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,
"මෙතෙක් මහජනතාව වෙත අපි සිතියම් නිකුත් කිරීම සිදු කළේ කාර්යාලය හරහා. නමුත් දැන් ඔන්ලයින් ක්‍රමය යටතේ සිතියම් ලබාගැනීමට මහජනතාවට අවස්ථාව ලබාදීමට අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව ඔන්ලයින් ගෙවීම් කර තමන්ගේ නිවසටම අවශ්‍ය සිතියම් ලබා ගැනීමට හැකියාව තියෙනවා." ඒ වගේම මහජනතාවට ඉඩම් තොරතුරු පද්ධතියේ තිබෙන තොරතුරු ඔන්ලයින් දැකගැනීමට අවස්ථාවත් ලබාදීමට අපි කටයුතු කරනවා."
