මාස 9කින් EPF නෑ - සජිත්

Sajith Premadasa Sri Lanka Economic Crisis employee provident fund Sinhala news Breaking News
By Kaushi Jul 30, 2025 02:49 AM GMT
Kaushi

Kaushi

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පැල්වත්ත සීනි සමාගම සේවකයන්ට මාස 9කින් සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවා නැති බවත්, මේ වනවිට එම ආයතනය සේවකයන්ට ගෙවිය යුතු සම්පූර්ණ අර්ථසාධක මුදල රුපියල් ලක්ෂ 3240 ඉක්මවා ගොස් ඇති බවත් ප්‍රකාශ කරයි.

විපක්ෂනායකවරයා මේ බව කියා ඇත්තේ පැල්වත්ත හා සෙවනගල සීනි සමාගම්වල වර්තමාන අර්බුදය පිළිබඳව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින්. එසේම ඔහු පැවසුවේ මාස 3ක සේවක අර්ථසාධක අරමුදලේ අධිභාරයක් වශයෙන් රුපියල් ලක්ෂ 230ක් ගෙවන්න සිදුව ඇති බව‍යි.

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

සුනාමියෙන් ඉන්දියානු සාගරයට මොකද වෙන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටටම දැනුම් දීමක්

එමෙන්ම ආයතනයෙන් සේවකයන්ට වැටුප් ගෙවීමට පසුගිය වසරේ (2024) අගෝස්තු මාසයේදී ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 5000ක ණයක් ගෙන ඇති බවත්, එම වසරේ නොවැම්බර් මාසයේ රුපියල් ලක්ෂ 10000ක ණයක් මෙන්ම ඉකුත් දිනකද තවත් ණයක් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා දන්වයි.

ඒ අනුව පැල්වත්ත සීනි සමාගමෙන් මේ වනවිට ගොවීන්ට රුපියල් ලක්ෂ 3000 ක්ද, සැපයුම්කරුවන්ට රුපියල් ලක්ෂ 4000ක්ද ගෙවීමට ඇති බවද ඔහු ප්‍රකාශ කරයි. තවද විපක්ෂනායකවරයා පවසා ඇත්තේ පැල්වත්ත සමාගමේ සේවකයන් 3795ක් සේවය කරන බවත්, දළ වශයෙන් ගොවීන් 5700කට ආසන්න ප්‍රමාණයක් මේ තුළින් තම ජීවිකාව ක්‍රියාත්මක කරන බවත් සඳහන් කර තිබෙනවා.

තවත් බිහිසුණු අනතුරක්,රථය අඩි 100ක ප්‍රපාතයට වැටිලා සිව්දෙනෙකුට බරපතළයි

තවත් බිහිසුණු අනතුරක්,රථය අඩි 100ක ප්‍රපාතයට වැටිලා සිව්දෙනෙකුට බරපතළයි

එමෙන්ම සෙවනගල සමාගමද ගොවීන්ට රුපියල් ලක්ෂ 2050ක් ගෙවීමට ඇති බවත්, රු. ලක්ෂ 150ක සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම් ක්‍රියාත්මක වී නැති මොහොතක සැපයුම්කරුවන්ට රුපියල් ලක්ෂ 1000ක්ද, රජයට වැට් බදු වශයෙන් රුපියල් ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත් විපක්ෂ නායකවරයා පවසා තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් සෙවනගල සීනි සමාගමේ සේවකයන් 1300ක් සේවයේ යෙදී සිටින බවත්, ගොවීන් 3900කට ආසන්න ප්‍රමාණයක් එම සීනි සමාගමට සම්බන්ධවී සිටින බවත්, එම සමාගමෙන් ලංකා බැංකුවට රු. ලක්ෂ 2000ක ණයක්ද ගෙවීමට ඇති බවත් විපක්ෂනායකවරයා තවදුරටත් පවසා ඇත.

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි

රෝහිතගේ දුවම ගිහින් පොලීසියට භාරවෙලා

රෝහිතගේ දුවම ගිහින් පොලීසියට භාරවෙලා


ReeCha