ශ්‍රී ලංකා - ඉන්දීය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස 15 - ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි

Report

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතය නම් කර ඇත.

ඒ අනුව ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය ටෙස්ට් සංචිතයේ උප නායකත්වය ලෝකේෂ් රාහුල් විසින් දරණු ඇති බව සඳහන්.

එමෙන්ම මෙම සංචිතයට යෂස්වි ජයිස්වාල්, රිෂාබ් පාන්ට්, සායි සුදර්ශන්, ධෘව් ජුරල්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදව්, මානව් සුතාර්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් සිරාජ්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, ගුර්නූර් බ්‍රාර්, දේව්දුත් පඩික්කල් සහ සරන්ෂ් ජේන් ඇතුළත් බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා - ඉන්දීය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන මස 15 වැනි දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා - පාකිස්තාන කාන්තා තුන්වන එක්දින සටන අද හම්බන්තොටදී

ශ්‍රී ලංකා - පාකිස්තාන කාන්තා තුන්වන එක්දින සටන අද හම්බන්තොටදී

අද කැරට් 24 පවුමක් මෙච්චරයි - ලංකාවම මඟ බලපු අද රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 පවුමක් මෙච්චරයි - ලංකාවම මඟ බලපු අද රන් මිල ගණන් මෙන්න