රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූමිකම්පාවක් - මීටර් 1 ක පමණ උසකින් යුත් සුනාමි රළ පැමිණෙන බවට අනතුරු
By Mithu
ජපානයේ කුමමොටෝ (Kumamoto) ප්‍රාන්තයට රික්ටර් මාපකයේ 7.1ක අතිප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම ප්‍රබල භූමිකම්පාවත් සමඟ ප්‍රදේශයේ මීටර් 1ක පමණ උසකින් යුත් සුනාමි රළ ඇතිවීමේ අවදානමක් පවතින බැවින් අදාළ මුහුදුබඩ ප්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබේ.
තව පැයකින් මොනවා වෙයිද? රටම කතා වූ දෙවිනුවර කාවඩි නැටුමේ උණුසුම මැද පෙරහැර පටන් ගන්නත් කළින් නැට්ටුවෝ කිහිපදෙනෙකු අත්අඩංගුවට
මේ අතර ජපානයේ දකුණු දිග කියුෂු (Kyushu) දූපතට අයත් කුමමොටෝ, නාගසාකි, කගොෂිමා, ෆුකුඔකා, සාගා, ඔයිටා සහ මියාසාකි යන ප්‍රාන්ත වෙත ජපාන රජය විසින් හදිසි භූමිකම්පා අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.