මහා පරිමාණ මැණික් ජාවාරමක් වටලයි - ව්‍යාපාරිකයින් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු අත්අඩංගුවට
හොරණ, කොබවකවත්ත කළුගගේ මෝදර කොටසේ නීතිවිරෝධී ආකාරයට පවත්වා ගෙන ගිය මහා පරිමාණ මැණික් ජාවාරමක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් වටලා ඇත.
එම අවස්ථාවේදී මැණික් ව්‍යාපාරිකයින් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම වැටලීමේ දී බෝට්ටු 11ක්, මෝටර් 5ක් ඇතුළු මැණික් ගැරීම සඳහා භාවිතා කළ කෝටි 7ක් වටිනා උපකරණ තොගයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය භාරයට ගෙන ඇති බව සඳහන්.