කොළඹ ප්‍රධාන රෝහලක ඇතුළු ෆාමසි සහ ප්‍රදේශ රැසක අත්‍යවශ්‍ය ඖෂධයක් නමැතිකමින් ලෙඩුන් අසරණ වෙයි.
Sri Lanka Economic Crisis
By Wayomi
කළුබෝවිල රෝහලේ හෘද රෝග සායනය සදහා පැමිණෙන රෝගීන්ට අත්‍යවශ්‍යයෙන්ම ලබාදිය යුතු ඖෂධයක් වන ඇස්ප්‍රීන් රෝහලේ නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පිටත ඖෂධ ශාලාවලින් ඇස්ප්‍රින් ලබා ගන්නා ලෙස වෛද්‍යවරු ලියාදුන්නද කොළඹ සිට පානදුර දක්වා ඇති ඖෂධ ශාලාවලද ඇස්ප්‍රින් නොමැති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂකවරිය කියා සිටියේ, රෝහල තුළ ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රමාණවත් ලෙස ඇස්ප්‍රීන් පවතින බවත්, සායන සදහා සහභාගීවන ඇතැම් හෘදය රෝගීන්ට අවශ්‍ය ප්‍රමාණයට ඇස්ප්‍රීන් ලබා දීමේ හැකියාව නොමැති බවත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |