නිපා වෛරසයෙන් ලංකාවට අවදානමක්ද? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ 'නිපා' වෛරසය පැතිරීමේ අවදානම වර්තමානයේදී ඉතා අවම මට්ටමක පවතින බවයි.

ඔහු විසින් 'නිපා' වෛරසය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෑත කාලයේදී ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් 'නිපා' වෛරස ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති නමුත් එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අන්තර්ජාතික සංචරණ සීමා පැනවීමට නිර්දේශ කර නොමැති බවයි.

රටම ලොක්ඩවුන් වැටෙයිද? නිපා වෛරසයෙන් ලංකාවට අවදානමක් තියෙනවා -වෛද්‍යවරු ඉල්ලීමක්

රටම ලොක්ඩවුන් වැටෙයිද? නිපා වෛරසයෙන් ලංකාවට අවදානමක් තියෙනවා -වෛද්‍යවරු ඉල්ලීමක්

ප්‍රධාන වශයෙන් සත්ත්වයන් අතර, විශේෂයෙන්ම වවුලන් අතර දක්නට ලැබෙන ආසාදන රෝගයක් වන 'නිපා' වෛරසය ආසාදිත සත්ත්වයන් හෝ ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇතිවූ විට ඉතා කලාතුරකින් මිනිසුන්ට බෝ විය හැකි බවත් මිනිසුන් අතර ආසාදනය වීම සිදුවන්නේ සමීප සහ දිගුකාලීන සම්බන්ධතා හරහා පමණක් වන බවත්, මෙම වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව වැනි වාතයෙන් පහසුවෙන් පැතිරෙන වෛරසයක් නොවන බවත් අදාල නිවේදනයේ දැක්වේ.

තත්ත්වය අවදානම් - පැයකට රෝගීන් 5ක් හදුනාගනී - ජනතාව ප්‍රවේශමෙන්

තත්ත්වය අවදානම් - පැයකට රෝගීන් 5ක් හදුනාගනී - ජනතාව ප්‍රවේශමෙන්

ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ කඩිනමින් රෝගීන් හඳුනාගැනීම සඳහා ශක්තිමත් රෝග අවේක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවත්, කිසියම් රෝගී තත්ත්වයක් හඳුනාගතහොත් වහාම ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන් සූදානම්ව සිටින බවත්ය. ඒ සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සතු රෝග නිර්ණය සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්ද පවතින බව ඔහු අවධාරණය කළේය.

ළමුන් ගැන තිත්ත ඇත්තක් එළියට - ඔබේ දරුවා ගැන සොයා බලන්න

ළමුන් ගැන තිත්ත ඇත්තක් එළියට - ඔබේ දරුවා ගැන සොයා බලන්න

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අදාළ අන්තර්ජාතික ආයතන සමඟ සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරමින් කලාපීය රෝග තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවද, නිවැරදි තොරතුරු සඳහා නිල නිවේදන සහ විශ්වාසනීය මූලාශ්‍ර පමණක් භාවිතා කරන ලෙස ජනතාවට උපදෙස් දී ඇත.