දුක් කම්කටොලු රැසක් මැද රංගනයෙන් ඉදිරියටම යන නාඩගම්කරයෝ පොඩ්ඩිගේ කඳුළු කතාව (PHOTOS)
අපේ කළා ක්ෂේත්රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි නිම්මි මනෝහාරී කියලා කියන්නේ. ඉතින් ඒ වගේම නිම්මි කියනවාට වඩා බොහෝ දෙනෙක් ඇයව හදුනන්නේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාස්ටර්ගේ පොඩි දුව කියලා කිවුවාමයි.
ඉතින් මේ නුවරින් කොලඹට ආපු නිම්මි අඟ හිඟ කම් රැසක් මැද ජීවිතය ජය ගත්ත දක්ෂ කාන්තාවක් කිවුවොත් හරියටම හරි. දරුවන් දෙදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දියණිය තමයි නිම්මි. ඉතින් ඒ වගේම ඇයට බාල තව සහෝදරයෙක් ඉන්නවා. කොහොම නමුත් මේ දරුවන් දෙදෙනා උස්මහත් කරන්න නිම්මිගේ තාත්තා කරපු කැපකිරීම් අපමණයි.
ගෙවල් වල තීන්ත ගාලා අතට ලැබෙන පොඩි මුදලෙන් පොඩ්ඩිවයි මල්ලිවයි උස මහත් කලේ දුක් කම්කටොලු රැසක් මැද ජීවිතය සමඟ අරගලයක නිරත වෙමින්. ඉතින් නිම්මි අද යම්කිසි තැනක ඉන්නවානම් ඇය වෙනුවෙන් මේ ලෝකේ වැඩිපුරම සතුටු වෙන්නේ ඇයගේ තාත්තා කියලා තමයි ඇය පවසන්නේ.
ඉතින් අම්මාටත් වඩා නිම්මි වැඩියෙන්ම සමීප තාත්තට කියලා ඇය පවසනවා. ඉතින් ඒ වගේම රංගනය සඳහා මුල ඉදන්ම පොඩ්ඩිගේ කිසිම කැමැත්තක් තිබ්ලා නැහැ. ඒකට හේතුව තමයි ඇය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙලා සිටීම සහ ඇයගේ නිදහසට බාදාවක් ඇති වෙයි කියලා ඇය හිතපු නිසා.
නමුත් ඇයගේ මව කියලා ඇයට තියෙන්නෙම රංගන ක්ෂේත්රයෙන් ඉදිරියටම ගිහිල්ලා කවදා හරි හොඳ තැනකට එන්න කියලා. රඟපාන්න ලැබුණු හැම අවස්ථාවක්ම ප්‍රතික්ෂේප කරද්දී නාඩගම්කරයෝ ටෙලිනාට්‍ය සඳහා ලැබුන ඇරයුම මඟ හරින්න ඇයට බැරි වුනේ අම්මාගේ දැඩි බලපෑම නිසාලු.
දුව රංගන ශිල්පිනියක් වෙන එක නිම්මිගේ අම්මට තිබුන ලොකුම හීනයක්. ඉතින් ඒ වගේම දැනට ටෙලිනාට්‍ය කිහිපයකටම ඇයට රංගනයට ආරාධනා ලැබිලා තියනවලු. ඉතින් මේ දුක් කම්කටොලු රාශියක් මැද නිම්මි ආව මේ දුෂ්කර ගමනට හදවතින්ම සුබ පතන ගමන් ඇයගේ ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු