ඔබත් අතිශය සැලකිලිමත්වන්න..! හූනකු නිසා පවුලක්ම අවසන් ගමන් යයි..!

By Sewvandhi Dec 29, 2022 04:28 AM GMT
Report

හූනෙක් නිසා, සය දෙනෙකුගෙන් යුත් නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ වාසය කළ පවුලක් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් ඥාතීන් දෙදෙනෙක්. 

 මොවුන් ජිවත් වූ නිවසින් කිසිදු ශබ්දයක් නො ඇසීම නිසා අසල්වාසීන් දොර කඩා නිවසට ඇතුලු වූ අවස්ථවේ ඔවුන් මිය ගොස් සිටි අයුරු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොවුන් රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවත් මරණයට හේතුව ආහාර විෂවීමක් බවත් නයිජීරියානු පොලිසිය විමර්ශණවලදී අනාවරණය කර ගෙන තිබෙනවා. 

 අසල්වැසියන් නිවස පරීක්ෂා කරන විට සැමුවෙල් ඇතුලු පිරිස රාත්‍රි ආහාරයට ගත් සුප් භාජනයේ සිටි මැරුණු හූනෙකු සොයාගෙන ඇති බවද නයිජීරියානු මාධ්‍ය වාර්තා කළා.

ඒ හේතුවෙන් ආහාර විස වී මෙම මරණය සිදු වන්නට ඇති බවට සැක පළ වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now