ජනාධිපති පුටුව ධනවත්ම දේශපාලනඥයෙකුට ලැබුණු පුවතක්..
Nigeria
By krishani
නයිජීරියානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක Bola Tinubu ප්‍රකාශයට පත් කර ඇත.
70 හැවිරිදි ඔහු නිල ප්‍රතිඵලවලට අනුව 36% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන Atiku Abubakar 29% ක් සහ කම්කරු පක්ෂයේ Peter Obi 25% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
Bola Tinubu නයිජීරියාවේ ධනවත්ම දේශපාලනඥයන්ගෙන් කෙනෙක් වන අතර නයිජීරියාවේ පාලක සියලු ප්‍රගතිශීලී කොන්ග්‍රස් (APC) පක්ෂය නයිජීරියානුවන් සිය ජනාධිපති අපේක්ෂක Bola Tinubu තෝරා ගැනීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
