වසර 22කට පසු මෙරට මාධ්‍යවේදියෙකු ගේ ඝාතනයේ සුලමුල බ්‍රිතාන්‍යයෙන් මතු වෙයි..
police
BRITISH
World news
Gagana news
Journalist Nimalarajan
By Subodha
දෙමළ සිහල පුවත්පත් සදහා දායකත්වය දැක්වු ප්‍රවිණ මාධ්‍යවේදියෙකු වන මයිල්වාගනම් නිමලරාජන් වසර 22 ඉහතදි එනම්, 2000 ඔක්තොම්බර් 09 වන දින යාපනයේ පිහිටි ඔහුගේ නිවසේ ඝාතනය වී තිබුණා.
ඝාතනයට ලක් වු මාධ්‍යවේදියෙකු වන නිමලරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු බ්‍ර්තාන්‍ය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකතරු වයස අවුරුදු 48ක පුද්ගලයෙකු බවයි සදහන් වන්නේ.
ජාත්‍යන්තර අපරාධ අධිකරණ පනතේ විධි විධාන අනුව නෝතැම්ප්ටන්හි දි සැකකරු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
මේ අතර ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් තිබේ නම් බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලියන් පොලිසිය සැනුවත් කරන ලෙසද ඉල්ලා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |