ඡන්ද දිනය ප්‍රකාශ කිරීමත් සමග සිදුකරන විශේෂ දෙයක් ගැන දැනුම්දීමක්..!

Government Of Sri Lanka Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Jul 22, 2024 09:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසන්නේ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බවයි.

අද (22) පැවති මාධ්‍ය හමුවක දී ඒ සඳහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේය.

තැපැල් ඡන්ද හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පිළිබඳව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මෙහිදී පැහැදිලි කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සියලුම නිවාසවලට බෙදාහැරීම සඳහා 8,000ක සේවක පිරිසක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි, එහිදී ඔහු පැවසුවේ.

එමෙන්ම තැපැල් ඡන්ද සඳහා අදාළ සියලුම ලිපි ලේඛන ආරක්ෂිත හුවමාරු කිරීම සඳහා ද තැපැල් දෙපාර්තමේන්තු බැඳී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.