වැව් පිටියකින් හමු වූ අලුත උපන් ළදරුවා.
By Wayomi
අද (25) උදෑසන බණඩාරකොස්වත්‍ත ප්‍රදේශයේ වැව් පිටියක අළුත උපන් ළදරුවකු දමාගොස් සිටියදී හමු වී තිබෙනවා.
පොලිසිය මැදිහත්ව ළදරුවා 1990 ගිලන් රථය මගින් නිකවැරටිය මූලික රෝහල වෙත යවා ඇති අතර දරුවා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටින බවයි වාර්තා වෙන්නේ.
කාන්තාවක් තම ගවයින් බැදීමට යන අවස්ථාවේ දී අවට කැලෑ රොදකින් දරුවකු හඩන ශබ්දයක් ඇසී සොයා බැලීමේදී පොහොර උරයක දමාසිටි මෙම ළදරුවා හමුවී තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |