නිව්යෝර්ක් මාර්ග ජලයෙන් යට වෙයි.
By Hashini
ඊයේ (29) ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට අද හැලුණු අධික වැසි සමඟ හටගත් ජල ගැලීම් තත්වයෙන් නගරයේ උමං මාර්ග සහ ප්‍රධාන මාර්ග ජලයෙන් යටවී තිබෙනවා.
මාර්ගයේ ගමන් ගත් වාහන රැසක්ම ජලයෙන් යටවීම හේතුවෙන් එම ස්ථාන වලම සිර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතරම, පාසල් සහ රජයේ කාර්යාල ද වසා දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ලගාර්ඩියා ගුවන් තොටුපලේ පර්යන්තයක් ද වසා දමා ඇති බවයි.