අවුරුදු කටලඟ...ඔබේ වාසනවා???

Report

මේෂ

ශුභා ශුභ මිශ්‍රඵල දරයි. ගමන් බිමන් බහුල වෙයි. අලංකාර ක්‍රියා බඩුභාණ්ඩාදිය සඳහා වැයපස ඉහළ යයි. උත්සව සාද වැනි දේවලද යෙදේ. දහමටද ලැදිව ක්‍රියා කරයි. සිරස ගත පීඩා මතු කරයි. ජය අංකය: ශුභ වර්ණය: රතු

වෘෂභ

ගමන් බිමන් බහුලයි. සල්පිල් වැනි දේවල්වලට යොමු වෙයි. ඇඳුම් ආයිත්තම් වැනි දේට වැය ඉහළයි. තම ඥාතීන්ගේ අවශ්‍යතාවන්ද ඉටු කිරීමට සිදුවන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග, වාත රෝග මතු වේ. ජය අංකය: ශුභ වර්ණය: කහ

මිථුන

ක්‍රියාකාරී දිනකි. තම අරමුණු තරමක් ජය ගනී. ගමන් බිමන්ද බහුල වෙයි. වැය පස ඉහළ යන කරුණු කාරණා යෙදේ. රෙදිපිළි බඩු භාණ්ඩ රෙදිපිලි වැනි දේ සඳහා යොමුවේ. සෙම් රෝග ද මතු කරයි. ජය අංකය: ශුභ වර්ණය: කොළ

කටක

ක්‍රියාශීලී ගති මතු කරයි. නව නිර්මාණ නිපැයුම් ලබා ගනී. අලංකාර දේ බඩුභාණ්ඩ සඳහා වැය ඉහළයි. සතුරන් දමනය වෙයි. ගමන් බිමන්ද බහුල වෙයි. හදිසි ධන ලාභද ලබයි. මුත්‍රා ආසාදන රෝග ද මතු කරයි. ජය අංකය: ශුභ වර්ණය: රෝස

පිල්ලයාන්ට අධිකරණය දුන් නියෝගය (UPDATE)

පිල්ලයාන්ට අධිකරණය දුන් නියෝගය (UPDATE)

සිංහ

රාජකාරි ක්‍රියාවන් උනන්දුවෙන් සිදු කරයි. බාධා බලපෑම් සිතට නොගෙන ක්‍රියා කරයි. අලංකාර ක්‍රියා විනෝද ජනක ක්‍රියා ආදියද යෙදේ. තම ඥාති වර්ගයා අතර ප්‍රසාදයට පත්වන දිනකි. ස්නායුගත රෝග මතු කරයි. ජය අංකය: ශුභ වර්ණය: ළා දම්

කන්‍යා

ක්‍රියාශීලී දිනකි. තරග තුරග ජය ගනී. එල්ල වන බාධා සිතට නොගෙන ඍජුව ක්‍රියා කරයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. ප්‍රසාදයට පත් වන කරුණු යෙදේ. අත පය හිරිවැටීම් වේදනා දැනීම් වේ.ජය අංකය: ශුභ වර්ණය: රන්වන්

වසර 3කට පෙර පාතාලයේ පින්තු ඝාතනයට පළිගැනීමක් (UPDATE)

වසර 3කට පෙර පාතාලයේ පින්තු ඝාතනයට පළිගැනීමක් (UPDATE)


තුලා

ශුභා ශුභ ඵල දෙයි. ප්‍රබෝධමත්ව රැකියාවන්හි යෙදේ. ව්‍යාපාරවල උනන්දුවෙන් ක්‍රියා කරයි. යහපත් ප්‍රථිඵල ලබයි. ඉඩ කඩම් පිළිබඳ ගැටලු යහපත් ලෙස විසඳේ. අමතර ලාභද ලබයි. මුත්‍රා ආසාදන මතු කරයි. ජය අංකය: ශුභ වර්ණය: ළා නිල්


වෘශ්චික

ගමන් බිමන් තරමක් යෙදේ. විදෙස් ගමන් සඳහා උනන්දු වීම මැනවි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් හේතුවෙන් සිත් වංචල වෙයි. ඥාතීන් සමීප වෙයි. හදිසි ධන ලාභ දෙයි. හදිසි රෝග කැපුම් කෙටුම් ඇති වෙයි. ජය අංකය: 09 ශුභ වර්ණය: ක්‍රීම්


ධනු

ශුභා ශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. ක්‍රියාශීලී දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. අමතර රාජකාරිවල යෙදේ. අවිවේකී වෙයි. තරමක් ආගමික පසුබිමක ක්‍රියා කරයි. සන්ධි රෝග අස්ථි අමාරු දෙයි. ජය අංකය: 03 ශුභ වර්ණය: දම්

අවදානම ඉහලට... රෝගයෙන් බස්නාහිරට වැඩිම බලපෑමක්...

අවදානම ඉහලට... රෝගයෙන් බස්නාහිරට වැඩිම බලපෑමක්...


මකර

ක්‍රියාකාරකම් බහුලයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. විනෝද ජනක ක්‍රියාවන්ද යෙදේ. තරමක් දහමට ලැදිව ක්‍රියා කරයි. මිල මුදල් වැය ඉහළයි. ස්නායු රෝග, මුත්‍රා රෝග මතු වේ. ජය අංකය: ශුභ වර්ණය: නිල්


කුම්භ

අවිවේකී දිනකි. තරමක් ගමන් බිමන් බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. තම නිවස උත්සව ක්‍රියාවක් ඇති කරයි. වැය පස ඉහළයි. ප්‍රසාදයට එක්වෙයි. මේහ රෝග හිරිවාත මතු කරයි. ජය අංකය: ශුභ වර්ණය: ළා කොළ


මීන

ගමන් බිමන් බහුල දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ප්‍රේම සබඳතා වර්ධනය කරයි. හදිසි ධන ලාභද ගෙන දෙයි. සෙම් කෝප රෝග මතුවේ. ජය අංකය: ශුභ වර්ණය: සුදු 

මංගච්චනවා... මංගච්චනවා...ඩුබායි රටට මංගච්චනවා...

මංගච්චනවා... මංගච්චනවා...ඩුබායි රටට මංගච්චනවා...