වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත උදාවෙයි
සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවල වැදගත්ම අවස්ථාවක් වන වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අද (14) අපරභාග 12.06 ට උදාවිය.
නැකත් සීට්ටුවට අනුව රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා දිවයින පුරා ජනතාව මෙම චාරිත්‍රය ඉටුකරනු ලබයි.
අලුත් අවුරුද්දේ මීළඟ ප්‍රධාන චාරිත්‍රය වන හිසතෙල් ගෑම අප්‍රේල් 15 වන බදාදා පූර්වභාග 6.55 ට යෙදී තිබේ. එදින කොළ පැහැති වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා චාරිත්‍ර ඉටුකිරීමට නියමිතය.
මීට අමතරව හදිසි රාජකාරී සඳහා පිටත්ව යාම (අප්‍රේල් 17), රැකී රක්ෂා සඳහා පිටත්ව යාම (අප්‍රේල් 20) සහ පැළ සිටුවීමේ නැකත (අප්‍රේල් 23) ඉදිරි දිනවලදී යෙදී ඇති බව නැකත් සීට්ටුවේ සඳහන් වේ.