අද සිට ක්‍රියාත්මක නව වැට් බදු සංශෝධනය - සම්පූර්ණ විස්තරය මෙතනින්..

Report

වැට් බදු ඉහළ නැංවීමට පසුගිය දා පාර්ලිමේන්තුවට ගෙන ආ පනත් කෙටුම්පත සම්මත වීමත් සමග එය ජනවාරි 01වන දා සිට ක්‍රියාත්මක වන බවට රජය විසින් දැනුම් දී ය.

අද සිට ක්‍රියාත්මක නව වැට් බදු සංශෝධනය - සම්පූර්ණ විස්තරය මෙතනින්.. | New Tax Amendment 1St January 2024

ඒ අනුව නව වැට් බදු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව මෙතෙක් 15%ක්ව පැවති වැට් බද්ද 2024 ජනවාරි පළමුවනදා සිට එනම් අද (01) සිට 18% තෙක් ඉහළ නැංවෙයි.

එහිදී මෙතෙක් වැට් බදු අය නොකළ භාණ්ඩ හා සේවා 97ක් සඳහා මෙම වැට් බදු වැඩිවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

බදු බර වැඩි වෙන නව වසරක් - හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වෙන්නේ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..

බදු බර වැඩි වෙන නව වසරක් - හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වෙන්නේ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..


මේ අතර වැට් බද්ද වැඩි වීමත් සමග මිල ඉහළ යන ඇතැම් භාණ්ඩ හා සේවා පිළිබඳ මේ වන විටත් අදාළ පාර්ශව සඳහන් කර තිබෙනවා.

ත්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා අයකළ රුපියල් 80ක ගාස්තුව රුපියල් 100 දක්වා වැඩි කරනු ලබයි.

ඒ බව ‍ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

ජංගම දුරකථන ආනයනය කිරීමේ දී සියයට 18%ක වැට් බද්දක් අය කිරිම හේතුවෙන් දුරකථන මිල ගණන් ද ඉහළ යන බව ජංගම දුරකථන ආනයනය හා විකුණුම්කරුවන්ගේ සංගමය පැවසීය.

තව ද ආපන ශාලාවල ආහාර මිල ගණන් ද අද සිට ඉහළ යන බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඒ බව මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (31) ඔවුන් පැවසීය.

තව ද, දුම් වැටි, මත්පැන් මිල මෙන්ම ඉන්ධන ද ඉහළ දමන ලදී.

දුම්වැටි මිලත් වෙනස් වෙයි..

දුම්වැටි මිලත් වෙනස් වෙයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සහ IOC ත් ඉන්ධන මිල ගැන තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. (UPDATE)

වහාම ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සහ IOC ත් ඉන්ධන මිල ගැන තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. (UPDATE)