IMF එකෙන් ලාංකිකයන්ට අලුත් බද්දක්.. බද්ද වදින්නෙ මේ අයටයි..

Sri Lanka IMF Sri Lanka Income Tax Department Income Tax Return
By Aruna Jun 15, 2024 02:18 AM GMT
Aruna

Aruna

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන ලදී.

එකදිගට දින 16ක් සුරාසැල් වසාදැමීමක් ගැන දැනුම්දීමක්...

එකදිගට දින 16ක් සුරාසැල් වසාදැමීමක් ගැන දැනුම්දීමක්...


මෙම බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ලදී.

ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කිරීම වේ.

මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි අදායම මත පදනම් වන බවයි පැවසෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ, මීට පෙර 2025 වසරේදී දේපළ බද්දක් හඳුන්වා දීමට රජය සූදානම්ව සිටියත් එයට පවතින බාධා හේතුවෙන් මෙම බදු ක්‍රමය හඳුන්වා දීමට මෙරට රජය තීරණය කර ඇති බවයි.

පදිංචිවී සිටින සහ නොසිටින නිවාස සඳහා මෙම බදු ක්‍රමය හඳුන්වාදීම දේපළ බද්දට සුදුසු ආදේශකයක් බවයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේ.

රාජ්‍ය සේවයේ පිරිසකගේ දීමනාම වැඩි කරයි.. වැඩි කළ ප්‍රමාණය සහ එම පිරිස මෙන්න..

රාජ්‍ය සේවයේ පිරිසකගේ දීමනාම වැඩි කරයි.. වැඩි කළ ප්‍රමාණය සහ එම පිරිස මෙන්න..


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ, මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සභා මට්ටමින් දත්ත ගබඩාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවත් එම දත්ත ගබඩාවට මෙරට දේපළහිමියන් සතුව ඇති දේපළ සම්බන්ධයෙන් යාවත්කාලීන කළ ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බවයි.

එම දත්ත ගබඩාව නිර්මාණය කිරීම මෙම වසරේ අගෝස්තු මස වන විට අවසන් විය යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් ප්‍රකාශ කළා.