රාජ්‍ය සේවයේ පිරිසකගේ දීමනාම වැඩි කරයි.. වැඩි කළ ප්‍රමාණය සහ එම පිරිස මෙන්න..

Report

මහා මාර්ගවල රථවාහන රාජකාරියේ නියුතු රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට මාසික දීමනාව වශයෙන් ගෙවූ රුපියල් එක්දහස් හයසියක මුදල රුපියල් හයදහස දක්වා ඉහළ දමමින් නව චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට ඩොලරය සහ යුරෝ තහනම් කරයි..හේතුව මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට ඩොලරය සහ යුරෝ තහනම් කරයි..හේතුව මෙන්න.


මෙහිදී පොලිස් සැරයන්වරයකුට ගෙවූ රුපියල් 1800ක මාසික දීමනාව රුපියල් 6000 දක්වාත්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට ගෙවූ රුපියල් 2000 දීමනාව රුපියල් 7000 දක්වාත්, රථවාහන ස්ථානාධිපතිවරයකුට ගෙවූ දීමනාව රුපියල් 2500 සිට 7000 දක්වාත් ඉහළ නැංවීමට නියමිත බවයි පැවසෙන්නේ.

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කිරීම හා දිරිමත් කිරීම මගින් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාගැනීම අපේක්ෂාව වී තිබේ.

සුරූපී තරුණියන් සහ නිළියන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියගේ තවත් දේවල් ලීක්වෙයි..හැමෝම සොයන නිළිය මෙන්න.(VIDEO)

සුරූපී තරුණියන් සහ නිළියන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියගේ තවත් දේවල් ලීක්වෙයි..හැමෝම සොයන නිළිය මෙන්න.(VIDEO)


මෙම දීමනා වැඩිකිරීමට තීරණය කර ඇත්තේ, අව්, වැසි, බාධක මධ්‍යයේ පැය දොළහක පමණ කාලයක් මහා මාර්ගවල රථවාහන හැසිරවීම අසීරු කාර්යයක් වීමත්, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මහා මාර්ගයේ වාහන දුම ඇතුළු විෂ ආග්‍රාණය වීමෙන් වැඩි පිරිසක් ශ්වසන ආබාධවලට ලක්වීමත් නිසා බවයි.

මෙහිදී පොලිස් ස්ථාන පළමු, දෙවන හා තෙවන කාණ්ඩ යටතේ වෙන්කර ගෙවන දීමනාවද ඒ අනුව වෙනස් කර ඇති අතර, පළමු කාණ්ඩයේ පොලිස් ස්ථාන 104ක්, දෙවන කාණ්ඩයේ පොලිස් ස්ථාන 59ක් හා තෙවන කාණ්ඩයේ පොලිස් ස්ථාන 444ක් ඇත.