එකදිගට දින 16ක් සුරාසැල් වසාදැමීමක් ගැන දැනුම්දීමක්...

Poson poya day Kandy Government Of Sri Lanka Bar Association of Sri Lanka Kataragama Temple Sri Lanka
By Aruna Jun 14, 2024 01:46 AM GMT
Aruna

Aruna

Report

ජූලි මස 06 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා කතරගම ප්‍රාදේශී ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති සුරාසල් වසා තැබීමට තීරණය කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.

ඒ, රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

රාජ්‍ය සේවයේ පිරිසකගේ දීමනාම වැඩි කරයි.. වැඩි කළ ප්‍රමාණය සහ එම පිරිස මෙන්න..

රාජ්‍ය සේවයේ පිරිසකගේ දීමනාම වැඩි කරයි.. වැඩි කළ ප්‍රමාණය සහ එම පිරිස මෙන්න..


මොනරාගල දිස්ත්‍රික් ලේකම්, ඇසළ පෙරහර කඳවුර භාර නිලධාරි පසන් රත්නායක මහතා කියා සිටියේ, බලපත්‍රලාභී සුරාසල් උත්සව කාලය තුළ වසා දැමීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා දැනුවත් කළ බවයි.

පෙරහර කමිටු නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගිය 12 වැනිදා රැස්වීමක් ද පැවැත්වූ බවයි පැවසෙන්නේ.

එහි දී මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් පළ වූ බව ද සඳහන්.

කතරගම ඇසළ පෙරහර මංගල්‍යය සඳහා මෙවර ද උතුරු, නැගෙනහිර සිට කුමන හා යාල ජාතික වනෝද්‍යානය හරහා පාද යාත්‍රාවේ පැමිණෙන හින්දු බැතිමතුන් පැමිණීමට නියමිතව ඇත.

ඔවුන් සඳහා කුමන වන උද්‍යානයෙන්, ඔකද දේවාලය අසලින් (යාල වනෝද්‍යානයට ඇතුළු වීමේ) පිවිසුම් ‍දොරටුව විවෘත කිරීම 2024.07.02 වැනි දින පෙරවරුවේ සිදු කරනු ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර, පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 3ක සියලුම බලපත්‍රලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

සුරූපී තරුණියන් සහ නිළියන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියගේ තවත් දේවල් ලීක්වෙයි..හැමෝම සොයන නිළිය මෙන්න.(VIDEO)

සුරූපී තරුණියන් සහ නිළියන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියගේ තවත් දේවල් ලීක්වෙයි..හැමෝම සොයන නිළිය මෙන්න.(VIDEO)


ඒ, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හා මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් තුළ බවයි පැවසෙන්නේ.

ඒ අනුව, එළඹෙන පොසොන් සතිය වන ජුනි 18 හා ජුනි 24 දක්වා කාලය තුළ වසා තැබීමටයි, මෙම තීරණය ගෙන ඇත්තේ.