මේවා තියෙනවනම් මෙහෙ රස්සා නෑ - ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර

By Zara Mar 17, 2025 06:00 PM GMT
Report

ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසා සිටියේ, සිරුරේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බවයි.

පශ්චාත් උපාධියක් ලබාගෙන සිටියත් ත්‍රිවිද හමුදාවක සේවයට අයදුම්කරන විට ඔහු ටැටූ ගසා ඇත්නම් එම රැකියා අවස්ථාව ගිලිහි යන බව ඔහු පැවසුවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා වැඩි දුරටත් පවසා සිටියේ,

"ශරීරයේ ලොකුම අවයවය හම ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තත් ඇගේ පච්චයක් කොටලා තිබුණොත් ලංකාවේ පොලීසියේ රස්සාවකට ගන්නේ නැහැ. ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තත් ඇඟේ ටැටූ එකක් තිබුණොත් කිසිම ත්‍රිවිධ හමුදාවකට ගන්නේ නැහැ ඇයි? ශරීරයේ ලොකුම අවයවය හම. ඒ හම විනාශ කරගන්නවා කියන්නේ හොඳ වැඩක් නෙවෙයි. ඒ ගැන හොයන්න වෙනවා."

[ZKCB4XL]

[RXYXLSC]