ඔයාලට අපරාධයක් වෙනවද? මේ අංකෙට එක මෙසේජ් එකක් දාන්න කෙලින්ම පොල්ස්පතිට යන්නේ
පොලීසිය විසින් මහජනතාවට ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ විය හැකි නව වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී ඇත.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා මෙම වට්ස්ඇප් අංක හඳුන්වා දුන් බව වාර්තා වේ.
ඒ අනුව 071 - 8598888 යන නව වට්ස්ඇප් අංකය අද (13) සිට ක්‍රියාත්මක වේ.
මෙම වට්ස්ඇප් අංකය හරහා පොලිස්පතිවරයා වෙත ඍජුවම කෙටි පණිවුඩයක් ලබාදීම, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යැවීම සඳහා පමණක් භාවිත කළ හැකි නමුත් දුරකථන ඇමතුම් ලබාගැනීමට නොමැති බව පොලීසිය පවසයි.
මීට අමතරව පොලිස් නිලධාරීන්ට ද මෙම අංකය ඔස්සේ තම ගැටලු හා තොරතුරු සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාව ඇත.