මේ අයට අද ඉඳන් අලුත් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්
ධීවර ප්‍රජාව සඳහා වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද දින (22) සිට ආරම්භ වේ.
ඒ අනුව එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් අද දින පෙරවරුවේ කොළඹ නෙළුම්කුළුණ පරිශ්‍රයේදී පැවැත් වෙන බව වාර්තා වේ.
මේ අතර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ මෙම නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හරහා වයස අවුරුදු 60 සම්පුර්ණ වූ පසු ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව ඇති බවයි.