විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අලුත් දීමනාවක්

Report

අගහිඟකම් ඇති විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කරුණා සහගත දීමනාවක් ගෙවීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අග හිඟකම් දැනුම් දෙමින් ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙලෙස දීමනාවක් ගෙවීමට අදහස් කරන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

එසේම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විදේශයන්හි ලබා දෙන වරප්‍රසාද හෝ පහසුකම් මොනවාද යන්න සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කර තිබෙනවා.

වාසි ගොඩක් එක්ක මේ අයට 21 ඉඳන් අලුත් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

වාසි ගොඩක් එක්ක මේ අයට 21 ඉඳන් අලුත් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

මේ අනුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට නුදුරේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ඉකුත් දා ලැබී තිබුණා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන්ගේ( බිරිඳ හෝ සැමියා) 512 දෙනකුගේ විශ්‍රාම වැටුප, විශ්‍රාම වැටුප අහිමි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව අහෝසි වී යන බව සඳහන්.

ඊයේ රැළිය නිසා බැසිල්ගේ හොර එළිවෙයි - බරපතළ කරුණු රැසක් එළියට

ඊයේ රැළිය නිසා බැසිල්ගේ හොර එළිවෙයි - බරපතළ කරුණු රැසක් එළියට

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්