අලි - මිනිස් ගැටුමෙන් පීඩා විදි ජනතාවට සුබ ආරංචියක්

Report

අලි - මිනිස් ගැටුම් කළමනාකරණයට නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක්: අධීක්ෂණ කමිටුව රැස්වෙයි අලි - මිනිස් ගැටුම් කළමනාකරණයට අදාළ නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා පත් කළ අධීක්ෂණ කමිටුව ඊයේ (04) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට අලි - මිනිස් ගැටුම බහුලව පවතින දිස්ත්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ද එක්ව සිටියහ.

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

හෙට දවසේ මුළු ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක් - කිසිසේත් නොදැන එළියට යන්න එපා විශේෂ අනතුරු ඇගවීමක්

මෙහිදී ප්‍රජා සහභාගීත්වය මත පදනම් වූ අලි - මිනිස් ගැටුම් කළමනාකරණ වැඩපිළිවෙළක් සකස් කිරීම, අලි මංකඩ නිදහස් කිරීම සහ අලි සුපෝෂණ කලාප පිහිටුවීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

2020 වසරේ සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණු අතර, පසුගිය වසර කිහිපය තුළ වන අලින්ගේ සංක්‍රමණ රටා, වනාන්තර ආවරණය සහ කෘෂිකාර්මික ව්‍යාප්තියේ සිදුවූ වෙනස්කම් සැලකිල්ලට ගනිමින් නව දත්ත මත පදනම් වූ සැලැස්මක් සකස් කිරීමට තීරණය කර තිබේ.

මේ අතර, නව සැලැස්ම සකස් වන අතරතුර අලි මංකඩ නිදහස් කිරීම, "වනස්පති" ජාතික වැඩසටහන යටතේ අලි සුපෝෂණ කලාප ඇති කිරීම, අලි කළමනාකරණ රක්ෂිතවල නීති ක්‍රියාත්මක කිරීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබාදීම ඇතුළු හදිසි ක්‍රියාමාර්ග රැසක් රජය විසින් දැනටමත් ආරම්භ කර ඇති බව ද පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිතය අනතුරේ? ට්‍රම්ප් එනතෙක් ගොල්ෆ් පිටියේ වෙඩික්කරු සැඟවී ඉදලා

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිතය අනතුරේ? ට්‍රම්ප් එනතෙක් ගොල්ෆ් පිටියේ වෙඩික්කරු සැඟවී ඉදලා