මේ දිස්ත්‍රික්කවලට නිකුත් කළ මට්ටම් දෙකක නවතම අනතුරු ඇඟවීම් නිවේදනය - හෙට 7 දක්වා හදිසි තත්ත්ව ඇති විය හැකියි[UPDATE]

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නව නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීම අද (07) දින රාත්‍රී 7:00 සිට හෙට (08) රාත්‍රී 7:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු බව සඳහන්.

රටේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා මට්ටම් දෙකක අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් වෙයි- දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට NBRO වෙතින් රතු එළියක්

නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් වෙයි- දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට NBRO වෙතින් රතු එළියක්

ඒ පහත පරිදීයි,

මට්ටම 2 - අවධානයෙන් සිටින්න (ඇම්බර්)

බදුල්ල දිස්ත්‍රික්කය: පස්සර ප්‍රදේශය

කෑගල්ල දිස්ත්‍රික්කය: මාවනැගම සහ රුවන්වැල්ල ප්‍රදේශ

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)

කළුතර දිස්ත්‍රික්කය: වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය: උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට සහ කෑගල්ල

රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර, ඇහැලියගොඩ, අයගම, වැලිගෙපොළ සහ කුරුවිට

එබැවින් මෙම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හදිසි නායයෑම් තත්ත්වයන් හෝ පස් කඳු කඩා වැටීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති