නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් වෙයි- දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට NBRO වෙතින් රතු එළියක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
මෙම අනතුරු ඇඟවීම් 2026 ඔක්තෝබර් 07 වැනිදා පස්වරු 4.00 සිට ඔක්තෝබර් 08 වැනිදා පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වේ.
අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ මෙසේය
දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම – විමසිලිමත් වන්න
බදුල්ල දිස්ත්‍රික්කය: පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
පළමු මට්ටමේ අනතුරු ඇඟවීම – අවධානයෙන් සිටින්න (කහ)
කළුතර දිස්ත්‍රික්කය- වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මහනුවර දිස්ත්‍රික්කය- උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කය- දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර දිස්ත්‍රික්කය- කුරුවිට, ආයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස