ආපදාවෙන් නිවාස හානි වූ අයට සුබ ආරංචියක්

Report

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන හෙට ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර තිබේ.

එම වැඩසටහන   පැවැත්වෙන්නේ   (09) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ආරම්භ කිරීමට සූදානම් වේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වේ.

මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගණය සිරිමාපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්දිය සහ රීදිගම දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවලදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

මෙන්න වාරිමාර්ගයෙන් විශේෂ දැනුම්දීමක්

මෙන්න වාරිමාර්ගයෙන් විශේෂ දැනුම්දීමක්

තවද මෙම වැඩසටහන දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උදෙසා සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි  .

ආපදා කළමනාකරණයෙන් විශේෂ නිවේදනයක්

ආපදා කළමනාකරණයෙන් විශේෂ නිවේදනයක්