කෙහෙළියට චාමරට දඬුවම් දුන්නනන් ඒ විදිහටම අගමැතිතුමියටත් දඩුවම් දෙන්න - චාමර පාර්ලිමේන්තුවේ යකා නටයි[VIDEO]
වැරදි ඉන්ජෙක්ෂන් එකකට හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සිරගත වුණා නම් වැරදි අධ්‍යාපන මොඩියුලයක් හඳුන්වාදීම නිසා ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිනිය බේරෙන්නේ කෙසේද කියා තමා ප්‍රශ්න කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද දින විමසා ඇත.
ඒ අද(06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ,
"මීළඟ කාරණය තමයි මොඩියුල් ප්‍රශ්නය. මොඩියුල් ප්‍රශ්නයේ ඇත්ත කතාව අපි අගමැතිතුමියට අපහාස කරන්නේ නෑ. මේ ප්‍රශ්නයේ ඇත්ත කතාව වැරැද්ද කොහෙද කියන එක නෙමෙයි. දැන් බලමුකෝ වැරැද්ද. දැන් ඉන්ජෙක්ෂන් ගැහුවෙ කවුද? කෙහෙළිය රඹුක්වැල්ල බෙහෙත් ගෙනාව කියමුකෝ, බෙහෙත් ගෙනාවට කෙහෙළිය රඹුක්වැල්ලද ඉන්ජෙක්ෂන් එක ගැහුවේ. ඉස්පිරිතාලෙ නේ බෙහෙත් එක ගැහුවේ. කෙහෙළිය රඹුක්වැල්ල තමයි නමුත් හිරේ ගියේ. ඒ වගේ තමයි මේකෙන් අගමැතිතුමියට වගකීමෙන් බැහැරව යන්න බෑ. උදාහරණයක් වශයෙන් මම පහුගිය දවස්වල හිරේ යැවුවේ පළාත් සභාවේ ඩිපොසිට් කාලෙට කලින් විඩ්‍රෝ කළා කියල. ප්‍රධාන ලේකම් ගණකාධිකාරී ඒ අය තමයි මේවා විඩ්‍රෝ කළේ .
සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ..ඉල්ලා අස්වෙන්න ඕනෑ..හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා - අමිල
මම හිරේ ගියේ. ඒ වගේ තමයි අගමැතිතුමියට මේකෙන් බැහැරවෙන්න බෑ. එහා පැත්තේ මන්ත්‍රීතුමියක් කිව්වා අගමැතිතුමිය මේකේ විශාරද කෙනෙක් නෙමෙයි කියලා. අගමැතිතුමිය විශාරද කෙනෙක් නොවුණාට විශාරද කෙනෙක් ඉන්නවනේ. බිග්කුච්චන් අයියට කිව්ව නම් හොඳ දැනීමක් තියෙන කෙනෙක්. එයාට කියලා බලලා මේක හරියට රටට අධ්‍යාපන අමාත්‍යංශයට ගෙනාව නම් හරිනේ. බිග්කුච්චන් අයියවත් බලල නෑනේ. ඒ නිසා මේකෙ වගකීමෙන් පැහැර හරින්න බෑ අගමැතිතුමියට. කෙහෙළි රඹුක්වැල්ලට චාමර සම්පත්ට දඬුවම් දුන්නනං ඒ විදිහටම අගමැතිතුමියටත් දඩුවම් දෙන්න වෙනවා. නැත්නම් අගමැතිතුමිය ඉල්ලා අස්වෙන්න ඕනේ මේ ප්‍රශ්නයෙන් බැහැරවෙන්න බෑ"යනුවෙන්.