විශේෂ නිවේදනයක් - අම්බුළුවාව කන්දට වෙන්න යන දේ

Report

විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ මඟින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බවයි.

එමෙන්ම පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීමට අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකිරීමට ද ඉදිරියේ දී කටයුතු සිදුකරනු ලබන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

කෙසේ වෙතත් අම්බුළුවාව යනු මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි, සංචාරය කළ හැකි සොදුරු ස්ථානයකි.

එය ගම්පොළ නගරයට පිවිසෙන සියලුදෙනාට ඉතා අලංකාරවත් අයුරින් දිස්වෙන කඳු මුදුනක් වන අතර, එහි මේ වනවිට ඉදිකර ඇති අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය දෙස් විදෙස් ජනතාවගේ ආකර්ශනය දිනාගත් ස්ථානයක් ද වනවා.

අක්කර 927ක භූමියකින් යුත් අම්බුළුවාව ශාක හා සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වන ඉහළ ජෛව විවිධත්වයක් ඇති සුන්දර පරිසර පද්ධතියක් ලෙස බොහෝ දෙනාගේ සිත් ගෙන ඇත.

එමෙන්ම කඳු මුදුනේ වී බිස්සක හැඩයෙන් යුතුව අම්බුළුවාව සෑය නිර්මාණය කර තිබෙන අතර, මෙය අඩි 400ක් පමණ උසකින් ද යුතු වේ.

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

ප්‍රසිද්ධ කිරිපිටි නිෂ්පාදන රැසක විෂ ද්‍රව්‍යයක් - සමාගමෙන්ම ජනතාවට විශේෂ දැනුම්දීමක් - සියල්ල වෙළඳපොළෙන් ඉවත් කරයි

EPF ගන්න ඔබට මහ බැංකුවෙන් සුභ ආරංචියක්

EPF ගන්න ඔබට මහ බැංකුවෙන් සුභ ආරංචියක්