බොරැල්ල පොලීසියේ වධකාගාරය - ළහිරු මධුශංකට පොලීසියේදී වෙච්ච දේ
බොරැල්ල පොලීසියේදී ළහිරු මධුෂාන් නම් තරුණයෙකුට, මිනීමැරුමක වගකීම භාරගන්නා ලෙස බල කරමින් අමානුෂික ලෙස පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ජනවාරි 01 රාත්‍රීයේ නවගමුවේදී සිදු වූ ඝාතනයක් පිළිබඳ ප්‍රශ්න කිරීමට යැයි පවසමින්, ජනවාරි 02 පෙරවරුවේ සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් ළහිරුගේ නිවසට පැමිණි අතර, ළහිරු මධුෂාන් ස්වෙච්ඡාවෙන්ම බොරැල්ල පොලීසිය වෙත ගොස් තිබේ.
මගේ බුරියට ඇගිල්ල ගහලා ඇද්දා පපුවෙන් ඇද්දා කොණ්ඩේ ගලවලා කනට ගැහුවා - සැකකරුවකු යැයි රැගෙන ගිය පුද්ගලයාගෙන් චෝදනා
පසුව, පොලීසියට ගිය පසු, දෙසැම්බර් 31 දින කොහුවලදී සිදු වූ මිනීමැරුමක වෙඩික්කරු තමා බවට පිළිගන්නා ලෙස ඔහුට බල කරමින් පහර දී ඇත. එහෙත්, එම දින ඔහු රැඳී සිට ඇත්තේ දැරණියගල පිහිටි තම නිවසේ බව පොලිසිය සලකා නොගෙන තිබේ.
ජනවාරි 02 උදෑසන 8 සිට ජනවාරි 03 දහවල් 3 දක්වා, ඔහු නීතිවිරෝධීව රඳවා තබාගෙන නීතිඥයන් හෝ පවුලේ සාමාජිකයන් හමුවීමට අවසර නොලබා තිබේ. පොලිස් අත්අඩංගුවේ සිටි කාලය තුළ ඔහු අපරාධ අංශයේ ස්ථානාධිපති කාමරය අසල ස්ථානයක දරුණු ලෙස පහර දී ඇත.
එම අතර, ඔහුව අසූචි මිශ්‍ර ජලය ගලා යන, සනීපාරක්ෂක පහසුකම් අවම සිර මැදිරියක රඳවා, නින්ද, ආහාර සහ වැසිකිළි පහසුකම් ලබා නොදී තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ඇති බවට පෙන්වන අතර, නිලධාරීන් ඔහුට වෙඩි තබන බවට තර්ජනය කර තුවක්කුවක් ලබා දී එය රැගෙන යාමට යොමු කර ඇත.
අවසානයේදී, අධිකරණයකට හෝ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් නොකරමින්, පොලීසිය සකස් කළ පිටු දෙකක ප්‍රකාශයකට බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන ඔහු නිදහස් කර ඇත.
ඒ අනුව, දැඩි කම්පනයට පත් වූ ළහිරු මධුෂාන් ජනවාරි 05 දින කළුබෝවිල රෝහලට පැමිණ තමන්ට සිදු වූ වධහිංසා පිළිබඳ පැමිණිල්ලක් දී ඇත. මේ වන විට, කොළඹ දකුණු අංක 03 සහකාර පොලිස් අධිකාරී කාර්යාලය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ජනවාරි 08 වනදා, ළහිරු මධුෂාන්ට එම කාර්යාලය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමට ලිඛිතව දැනුම් දී ඇත.