ඉන්දියානු හමුදාපතිගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය නිමා වෙයි
ඉන්දියානු හමුදාපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි සහ එතුමන්ගේ භාර්යාව සුනීතා ද්විවේදි 2026 ජනවාරි මස 06 වන දින සිට මෙරට සිදුකළ නිල සංචාරය අද (09) දින අවසන් කර ඇත.
ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින්.
ඒ අනුව මෙම සංචාරය අතරතුරදී, ජෙනරල් ද්විවේදි විසින් මෙරට ජ්‍යෙෂ්ඨ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සමඟින් පුහුණු වැඩසටහන්, වෘත්තීය හමුදා අධ්‍යාපනය සහ කලාපීය ආරක්‍ෂක ගැටළු පිළිබඳව වූ වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.
ශ්‍රී ලංකාවේ රැදී සිටි කාලය තුළදී, ඉන්දියානු හමුදාපති යුද හමුදාවේ ප්‍රධාන ආයතන කිහිපයක ද සංචාරය කළ අතර, දෙරටෙහි සන්නද්ධ හමුදා අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබිඹු කරමින් යුද හමුදාවේ සුබසාධනය සඳහා පරිත්‍යාග කිහිපයක්ද සිදුකර ඇත.
එමෙන්ම මෙරටින් පිටත්ව යාමට පෙර, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ සහ එම දූත පිරිස අතර විශේෂ සමරු තිළිණ ප්‍රදානයක්ද සිදු විය.