අනුර ඉල්ලා අස්වෙනවද? යළි රාජපක්ෂ යුගයලු.. වක්කුඹුර කියයි
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යම් හෙයකින් ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් කිසිදු පැකිලීමකින් තොරව රට භාරගෙන ඉදිරියට ගෙන යෑමට නාමල් රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක වක්කුඹුර මහතා පවසයි.
ජනක වක්කුඹුර මහතා මෙම ප්‍රකාශය කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා සිය පක්ෂය මේ වසරේදී ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්, එම කටයුතු නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බවත්ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් වත්මන් ජනාධිපතිවරයාටද ඉල්ලා අස්වීමට සිදුවුවහොත් නාමල් රාජපක්ෂ මහතා රට භාරගැනීමට සූදානම් බව ඔහු අවධාරණය කළේය.