සුළු මොහොතකට පෙර වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා මරුට[UPDATE]
මීට සුළු මොහොතකට පෙර දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබුණේ අද රාත්‍රි 7.54ට පමණයි. හෝටලයට පැමිණ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු එම හෝටලයේ හිමිකරු ඉලක්ක කර අඳාළ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.
එම අවස්ථාවේදී එම හිමිකරුගේ හිසට වෙඩි වැදී ඇති අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එහි හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
එමෙන්ම පොලීසිය සැක පළ කරන්නේ වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති බවටයි.
මේ අතර මෙම වෙඩිතැබීම මේ වසරේ දෙවැනි වෙඩිතැබීම වන අතර, මේ වනවිට වෙඩිතැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය වාර්තා කරයි.