පීඩන අවපාතය රටේ සුළි සුළඟක් දක්වා වර්ධනය වෙනවද?
පීඩන අවපාතය රටේ සුළි සුළඟක් දක්වා වර්ධනය වන බවට අනාවැකි පළවී නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (9) දින සඳහන් කර ඇත.
එසේම ඔහු සඳහන් කළේ පීඩන අවපාතය ත්‍රිකුණාමල ප්‍රදේශයට ගමන් කරමින් තිබෙන බවත් අවදානම් කලාපවලට රතු නිවේදන නිකුත් කර ඇති බවත් ය.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් රජයක් හැටියට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ප්‍රකාශ කළා.
ඔහු මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරැණානායක මහතා විසින් අද දින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු වශයෙන්.