මොඩියුලයේ අසභ්‍ය අඩවිය මං දැන සිටියා කිවුවෙ නෑ - ටියුෂන් ගුරු තිස්ස ජනනායක කට අරියි [VIDEO]

Report

6 වසර ඉංග්‍රීසි පෙළ පොතේ අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී ඇති බව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා ප්‍රකාශ කර තිබේ.

ජනනායක මහතා තවදුරටත් පවසන්නේ, පෙළ පොතේ ක්‍රියාකාරකමකට උදාහරණයක් ලෙස දක්වා ඇති වෙබ් ලිපිනය අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කළ විට, එය පිරිමි සමලිංගික අන්තර්ජාල අඩවියක් ලෙස පෙනී යන බවයි.

ඔහු මෙම සිද්ධිය සැලසුම් සහගත වැඩපිළිවෙළක් මගින් සිදු වූ බවට අවධාරණය කරයි.

"නැෂනල් ජියෝග්‍රැෆික්" වැනි පිළිගත් වෙබ් අඩවියක් තෝරාගැනීමට හැකි අවස්ථාව තිබුණද, වෙනත් අඩවියක් ඇතුළත් කර ඇත්තේ එහි පිටුපස ප්‍රතිලාභයක් බලාපොරොත්තු වූ සැලසුම් සහගත වැඩපිළිවෙළක් නිසා බවට මම සැක කරමි," යනුවෙන් ජනනායක මහතා සඳහන් කරයි.

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

ඔහු කියා සිටියේ, මෙම සිද්ධිය සාමාන්‍ය අත්වැරදීමක් නොවන බවයි. තවද, ඔහු මීට මාසයකට පමණ පෙර මෙම වෙබ් අඩවිය පිළිබඳව දැනුවත් වුවද, ප්‍රසිද්ධියක් ඇතිවන බැවින් එය මහජනයාට අතරට රැගෙන ගොගිය බවද සඳහන් කළේය.

කෙසේ වෙතත්, දැන් ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකා හරහා එම වෙබ් අඩවියේ නාමය සහ QR කේතය ප්‍රචාරය වීම හේතුවෙන්, ලාංකීය සිසුන් අතර විශාල ප්‍රසිද්ධියක් ලබා ඇතැයි ජනනායක මහතා පෙන්වා දෙයි.

ඔහු අවසන් වශයෙන් සඳහන් කළේ, පෙළ පොතේ එම කොටස දැන් ඉවත් කළ ද, වෙබ් අඩවිය නිර්මාණය කළ පිරිසගේ අරමුණ දැනටමත් ඉටු වී ඇති බවයි.

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්