ගැඹුරු පීඩන අවපාතය සම්බන්ධයෙන් නැවතත් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - හෙමීට ගමන අරඹයි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) ප.ව. 3.30 වන විට මඩකලපුව සිට නැගෙනහිරට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටා තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (09) දින ප.ව. 4.30ට නිකුත් කළ නිවේදනය අනුව, ඉදිරි පැය 24 සඳහා මෙම ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ අනතුරු අඟවා ඇත.
ඒ අනුව, ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වන අතර, හෙට (10) සවස දී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීම බොහෝදුරට ආරක්ෂිතව සිදු කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම අවස්ථාවේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ගැඹුරු පීඩන අවපාතයේ වේගය ඉතා අඩු බවත්, අද දිනයේදී ලංකාවට ඇතුළු වීමට නියමිතව තිබූ පුරෝකථනය වෙනස් වී ඇති බවය.