විදුලි ගාස්තු අඩුවන ප්‍රමාණය ගැන අලුත්ම දැනුම්දීමක්..
විදුලි ගාස්තු සංශෝධන පිළිබඳව ජූලි 15 වැනිදා අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා කොමිසම අවධාරණය කර සිටිනවා.
මහජන උපයොගීතා කොමිසම සදහන් කළේ, මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී සිදුකරන විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කර ඇති බව, මහජන උපයොගීතා කොමිසම වැඩිදුරටත් සදහන් කළා.
එම යෝජනාවලට අනුව සමස්තයක් ලෙස අඩුවන විදුලි ගාස්තු ප්‍රතිශතය 13.8%ක් බවයි පැවසෙන්නේ.
ඒ අනුව, ගෘහස්ථ කාණ්ඩයට 25.5%ක ගාස්තු අඩුවීමක් සහ ආගමික සහ පුණ්‍යායතනවලට 3%ක අඩුවීමක් සිදුවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම යෝජනාවලට අනුව හෝටල් සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ගාස්තු අඩුවීමක් යෝජනා කර නොතිබීම ද විශේෂත්වයක්.