අද සිට වර්ජනය කරන මේ අය වහාම රැකියාවෙන් ඉවත් කරයි..වර්ජනය නොකරන අයට සතුටුදායක ආරංචියක්..

Report

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබිය දී අද (10) සිට සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇත්තේ, රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබිය දී ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය විසින් හදිසි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙන බව දැනුම් දී ඇතැයි ද එසේ වුවහොත් ඉහත පියවර ගැනීමට සිදුවන බවයි.

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්..


මේ අතර, පෙරේදා (08 වැනිදා) සහ ඊයේ (09 වැනිදා) දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවී සේවයට වාර්තා කළ විධායක සේවා ගණයන්ට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (09 වැනිදා ) අනුමැතිය හිමි වුණා.

එමෙන්ම ඔවුන්ට ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකිවන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටද අනුමැතිය හිමිව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ සඳහා අදාළ චක්‍ර ලේඛ නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ලේකම් වෙත නියෝග කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අද වැස්ස වැඩි වන ප්‍රදේශ ගැන දැනුම් දීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන්..

අද වැස්ස වැඩි වන ප්‍රදේශ ගැන දැනුම් දීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන්..


කෙසේ වෙතත් මෙම දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වූ රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් වර්ධක ලබානොදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.