ආයේ කටුනායක ගුවන්තොටුපොළේදී මේ කරදර නෑ - වාසි ගොඩක් ගේන වැඩක්

Report

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) පිටවීමේ පර්යන්තය සඳහා නව ස්වයංක්‍රීය මගී නිෂ්කාශන දොරටු හතරක් සවි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ දේශසීමා පාලනය නවීකරණය කිරීමේ සහ මගීන්ගේ ක්‍රියාවලි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අඛණ්ඩ ප්‍රයත්නයන්හි කොටසක් ලෙසයි.

එසේම මීට පෙර පැමිණීමේ පර්යන්තයේදී සාර්ථකව සවි කරන ලද විද්‍යුත් දොරටු හතරකට පසුව මෙම තීරණය ගෙන ඇත. එම දොරටු සවි කිරීම සිදු කර ඇත්තේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) සමඟ ඇති කරගත් සහයෝගිතා ගිවිසුමක් යටතේ, ජපාන රජයෙන් ලැබුණු යෙන් මිලියන 1,170ක ප්‍රදානයක් මඟිනි.

අඳාළ ප්‍රදානය 'අග්නිදිග ආසියානු රටවල දේශසීමා බෝවන රෝග පාලනය සඳහා සූදානම් වීම' (Preparation for Border Infectious Disease Control in Southeast Asian Countries) නම් කලාපීය ව්‍යාපෘතියේ කොටසකි.

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක් - ජනවාරිවල එක් කිරීමට නියමිතයි

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක් - ජනවාරිවල එක් කිරීමට නියමිතයි

කෙසේ වෙතත් රජය සඳහන් කරන්නේ නව විද්‍යුත් දොරටු 2026 වසරේදී ස්ථාපනය කිරීමට නියමිත අතර, මෙමඟින් විදේශගත වන මගීන්ගේ ආගමන කටයුතු සරල කිරීමටත්, දත්තවල නිරවද්‍යතාව ඉහළ නැංවීමටත්, පිටවීමේ කවුන්ටරවල රැඳී සිටින කාලය අවම කිරීමටත් හැකි වනු ඇති බවයි.

එසේම මෙම ව්‍යාපෘතිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රමිතීන්ට අනුකූල කිරීමට 2023 වසරේදී ආරම්භ කරන ලද පුළුල් වැඩිදියුණු කිරීමේ වැඩසටහනේ කොටසක් වේ.

මේ අයට සුබ ආරංචියක් - රටඉඳිවලට නොමිලේ බදු සහන

මේ අයට සුබ ආරංචියක් - රටඉඳිවලට නොමිලේ බදු සහන

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න